Saturday, May 4, 2024

General line - 0115112241

අමෙරිකාවේ ප‍්‍රාන්තවල ආරක්‍ෂාව තර කෙරේ - මහජන රැස්වීම්වලට අවසර නොදෙන්නැයි ආණ්ඩුකාරවරු ඉල්ලයි




අමෙරිකාවේ සියලූම ප‍්‍රාන්තවල ආරක්ෂාව තර කිරීමට ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන් මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. ඒ එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිත අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඞ්න්ගේ දිවුරුම් දීමේ උත්සවයට සමගාමීවයි.

එළඹෙන 20 වනදා ට‍්‍රම්ප් පාක්ෂිකයින් විසින් වොෂිංටන් අගනුවර ඇතුලූව රට පුරා විරෝධතා පවත්වනු ඇති බවට හා කැරලි මෙන්ම කලහ ඇතිවනු ඇති බවටයි ත්‍ඊෂ ආයතනය අනතුරු අගවා ඇත්තේ. ඒ අනුව අමෙරිකාවේ සියලූ ප‍්‍රාන්තවල අගනුවරවල ආරක්ෂාව තර කිරීමටත්, අවශ්‍ය වුවහොත් අතිරේක ආරක්ෂාව යෙදවීමටත් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සැලසුම් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වොෂිංටන් අගනුවර ඇතුලූව සෙසු ප‍්‍රදාන නගරවල පිහිටි රාජ්‍ය ගොඩනැගිලි ඉදිරිපිට ආරක්ෂක වැටවල් ඉදිකර ඇති බවට විදෙස් වාර්තා වල සදහන්්. එමෙන්ම නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය නැරඹීම සදහා අගනුවරට රැස් නොවන්නැයි ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන් එම වැසියන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය සෙනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. එහි විවාද සහ ඡුන්ද විමසීමේ කටයුතු ලබන බදාදායින් පසුව සිදු කිරීමට නියමිතයි.