Thursday, May 16, 2024

General line - 0115112241

වරායේ වෘත්තීය සමිති 23 ක් තීරණාත්මක සාකච්ජාවක




ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති 23ක් මේ වන විට තීරණාත්මක සාකච්ජාවක් ආරම්භ කර තිබෙනවා. ඒ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබද මතුව ඇති ගැටලූව සම්බන්ධයෙන්. වරාය වෘත්තීය සමිති ඉකුත්දා චෝදනා කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් සියයට 49ක් ආණ්ඩුව විදෙස් ආයෝජකයෙකුට ලබාදීමේ සූදානමක් ඇති බවටයි. 

මෙම ගැටලූව සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති ඉකුත්දා ජනාධිපතිවරයා සමගද සාකච්ජා කළ අතර එයද අසාර්ථක වුණා. වරාය වෘත්තිය සමිති මේ මොහොතේ වැඩ වර්ජනයකට නොයන බවත් බලධාරීන් පවතින තත්වය පිළිබද අවධානයෙන් කටයුතු කළ යුතු බවයි වරාය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. මේ ඒ සම්බන්ධයෙන් කරුණූ දැක් වූ වරාය ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප‍්‍රසන්න කලූතරගේ.

ඉකුත්දා පැවති සාකච්ජාවේදි සිය අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස ජනාධිපතිවරයා වරාය වෘත්තීය සමිති වෙත දැනුම් දුන්නා. ඒ අනුව එම අදහස් සහ යෝජනා හෙට දිනයේදී අදාළ පාර්ශ්ව වෙත ලබාදෙන බවයි වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතිතිශීලි වරාය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ශ්‍යාමාල් සුමනරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ.