Saturday, May 18, 2024

General line - 0115112241

විදේශයන්හි රැදී සිටි වැඩිම පිරිස ඊයේ දිනයේ දිවයිනට




විදේශයන්හි සිටි ශී‍්‍ර ලාංකිකයින් 949 දෙනෙකු ඊයේ දිනය තුළ පමණක් දිවයිනට පැමිණි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එක් දිනක් තුළ දිවයිනට පැමිණි වැඩිම පිරිස මෙය වන බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

"පසුගිය කාල සීමාව සමග සැසදීමේදී ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් පිරිසක් මෙරටට රැගෙන එනු ලැබුවා. එසේ පැමිණි සංඛ්‍යාව 949ක්. මෙම පැමිණි පිරිස අතර ඕමානයෙන් 300 කට ආසන්න පිරිසක්, ඒ වගේම කටාර් ඇතුළු මැදපෙරදිග රටවල් වලින් වගේම චීනය, ඕස්ට්‍රේලියාව, මාලදිවයින, ඉතාලිය, ඉතියෝපියාව සහ සිංගප්පුරුවේ සිට මෙම පිරිස පැමිණියා. මේ වන විට විදේශගතව සිටි ලාංකිකයින් 72,293 දෙනෙකු මෙරටට යලි ගෙන්වා ගෙන තිබෙනවා" යැයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත පුද්ගලයින් 695 දෙනෙකු හදුනා ගත් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.