Saturday, May 18, 2024

General line - 0115112241

මිරිස්වත්තේ මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 4 කොල්ලකයි




ගම්පහ, මිරිස්වත්ත පාර ප‍්‍රදේශයේ මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ රැසක් සැකකරුවන් දෙදෙනෙකු කොල්ලකා පලා ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ ගිනි අවි පෙන්වා එම ආයතනය සේවකයින් බිය ගන්වා සැකකරුවන් මෙම කොල්ලකෑම සිදු කර ඇති බවයි. ඔවුන් මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ එම ආයතනයට පැමිණි තිබෙනවා. සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.