Saturday, May 18, 2024

General line - 0115112241

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්




මෙරටදී හදුනා ගැණුනු සමස්ත කොරෝනා ආසාදිතයන් 51,596 දෙනාගෙන් 44,258 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ දිනයේ මෙරටදී හදුනා ගැණුනු ආසාදිතයින් 695 දෙනා සමගින් ප‍්‍රතිකාර ලබන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 7,083ක් වන බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා ස`දහන් කළේ.

ඊයේ දිනයේදී හදුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 695 දෙනාගෙන් වැඩිම පිරිස වාර්තා වනනේ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන්. ඊට ආසාදිතයින් 168 දෙනෙකු අයත්, මීගමුව ප‍්‍රදේශයෙන් 41 දෙනෙකු, වත්තල ප‍්‍රදේශයෙන් 14 දෙනෙකු සහ  පෑලියගොඩ ප‍්‍රදේශයෙන් 13 දෙනෙකු ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඊයේ වාර්තා වු ආසාදිතයන් අතරට අයත් බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනය තුළ ආසාදිතයින් 147 දෙනෙකු වාර්තා වුණා. එම දිස්ති‍්‍රක්කයේ ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 21 දෙනා වාර්තා වන්නේ මරදාන ප‍්‍රදේශයෙන්. අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන් 15 දෙනෙකුු සහ කොල්ලූපිටිය ප‍්‍රදේශයෙන් 10 දෙනෙකු ලෙසද ආසාදිතයින් වාර්තා වුණා. මට්ටක්කුලිය, ගල්කිස්ස සහ නාරාහේන්පිට ප‍්‍රදේශවලින්ද ආසාදිතයින් 09 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා. 

මේ අතර මහනුවර දිස්ති‍්‍රක්කයෙන් 90 දෙනෙකු සහ කළුතර හා ගාල්ල දිස්ති‍්‍රක්කවලින් 34 දෙනා බැගින්ද ආසාදිතයින් ඊයේ දිනයේ වාර්තා වු බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකු සහ වව්නියාව දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් 23 දෙනෙකු ඊයේ වාර්තා වු කොරෝනා ආසාදිතයින් අතරට අයත්.

කෙසේවෙතත් කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තියක් මෙතෙක් සිදුව නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.