Thursday, May 9, 2024

General line - 0115112241

බසයෙන් හමුවූ කොවිඩ් ආසාදිතයෙකු නිසා එහි සිටි සියලු දෙනා නිරෝධායනයට 

ලලිත් චාමින්ද 




දක්ෂිණ අධිවේගි මාර්ගයේ  පින්නදුව පිවිසුමේ අද (17) දින සිදුකළ අහමු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකදි බසයක පැමිණි එක් මගියෙකුට  කොරෝනා වෛරසය ආසාදනයවිමත් සමග එම බසයේ රියදුරු කොන්දොස්තර  ඇතුළ  පැමිණි මගින් 18 දෙනාම නිවෙස්තුල නිරෝධායනය කිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කර සිටියා.

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොළඹ සිට ගාල්ල බලාධාවනය වෙමින් තිබු බසයක සිට මෙම කොරෝනා ආසාදිත රෝගියා හමුවි ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වු මගියා ප්‍රථිකාර සදහා රෝහල්ගත කිරිමට කටයුතු කරණ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. පින්නදුව පිවිසුමේ  දි රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 68ක් සිදුකළ බවද ඔහු සඳහන් කළා.

ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා පොලිසිය එක්ව මෙම රැපිඩ් ඇන්ටිජන් පරික්ෂන සිදුකරණු ලැබුවා.