Saturday, May 18, 2024

General line - 0115112241

නිරෝධායන නීති කඩමින් මැදිරිගිරිය හෝටලයක සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද අධිකරණය හමුවට




නිරෝධායන රීති කඩකරමින් මැදිරිගිිරිය හෝටලයක සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 54 දෙනා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලීසිය පැවසුවේ මෙම පිරිස මත්ද්‍රව්‍ය භාවිත කරමින් මෙම සාදය පවත්වා ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන් 13 දෙනෙකු ද සිටින බවයි. සාදයට සහභාගී වූ සෙසු තරුණ තරුණියන් අවවාද කර පොලිස් ඇපමත මුදා හැර තිබෙනවා. 

මේ අතර මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළ පුද්ගලයින් 27 දෙනෙකු ගතවු පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුලදී පුද්ගලයින් 2605 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.