Saturday, May 18, 2024

General line - 0115112241

හුදෙකලා කළ කාත්තන්කුඩියෙන් කොවිඩ් ආසාදිතයින් හමුවෙයි




හුදෙකලා කර ඇති කාන්තන්කුඩි පොලිස් බල ප‍්‍රදේශයෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 178 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එම පොලිස් බලප‍්‍රදේශය තුළ මේවනවිට රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ 3,496 ක් සහ PCR පරීක්ෂණ 190 ක් සිදුකර ඇති බවයි.

එම පරීක්ෂණවල ප‍්‍රථිඵල අනුව එම කොරෝනා ආසාදිතයින් පිරිස හඳුනාගත් බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. 

ගතවු පැය 24 දී මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 749 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම පිරිස වූ 241 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ද ආසාදිතයින් 210 දනෙකු ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඉකුත් දින කිහිපයේම වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යාම ද කැපීපෙනෙන තත්ත්වයක්.