Saturday, May 18, 2024

General line - 0115112241

මාර්තුවේ සිට කොරෝනා එන්නත මෙරට භාවිතයට




මෙරටට රැගෙන එන කොරෝනා එන්නත් මාර්තු මස සිට භාවිතා කල හැකිවනු  ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ වන විට ඒ පිළිබඳව අධ්‍යයනයක්ද සිදු කර ඇතැයි ඔහු සඳහන් කරනවා.

නිෂ්පාදකයින් හතර දෙනෙකු සමඟ මේ වන විටත් සාකච්චා ආරම්භ කර ඇති බවත් මෙරට තත්වයට ගැලපෙන නිෂ්පාදනයන් ගැනද අවධානය යොමු කරන බවයි ඔහු කියා සිටින්නේ.

අද පැවති කැබිනට් හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කලා.