Saturday, May 18, 2024

General line - 0115112241

රන්ජන්ගේ මන්ත්‍රීධූරය ගැන තීන්දුව සති තුනකින්




වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තීන්දුව සති තුනකින් ලබා දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කල විමසුමකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.

මේ සම්බන්ධයෙන් සකාච්චා කිරීමට සහ විධිමත් ලෙස උපදෙස් ලබා දීමට කාලයක් අවශ්‍ය බවයි කථානායකවරයා කියා සිටියේ.

මෙහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා සඳහන් කලේ මීට පෙර එස්.බී දිසානායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වූයේ ඔහු සිරගත වූ නිසා නොව ,මාස තුනක කාලයක් එක දිගට පාර්ලිමේන්තු නොපැමිණීම නිසා බවයි .

මෙහිදී අදහස් දැක්වූ එස්.බි.දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ තමා එවකට සිරගත විටියදී අභියාචනා කලද මෙහිදී රාමනායක මන්ත්‍රීවරයාට එවන් තත්වයක් හිමි නොවන බවයි.

වසර හතකට ඔහුගේ ජන්ද අයිතියද මේ වන විටත් අහෝසි වී ඇති බවයි ඔහු කියා සිටියේ.