Saturday, May 18, 2024

General line - 0115112241

කසල එක් රැස් කොට විදුලිය නිපදවීමේ වැඩ පිළිවෙලක් අරඹයි

ඉන්දික සංජීව විතාණ




පළාත් පාලන ආයතන මගින් දෛනිකව එක් රැස්කරන නොදිරන එහෙත් දහනය කළහැකි කසල යොදාගෙන විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇතැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ  අධ්‍යක්‍ෂ නලින් මාන්නපෙරුම මහතා පවසයි.


 කොළඹ මහ නගර සභාව මගින් දෛනිකව ටොන් 450ක් පමණ එක්රැස් කර කරදියාන කසල අංගනයට රැගෙන එන කසල යොදාගෙන කොළඹ මහ නගර සභාව මගින් මෙම ව්‍යාපෘතිය අරඹා තිබෙන අතර එමගින් දිනකට කසල ටොන් 700ක් දහනය කිරීමෙන් මොගා වොට් 10ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එකතු කල හැකිවේ.

මේ සදහා කොළඹ මහ නගර සභාවේ කසල ප‍්‍රමාණවත් නොමැති බැවින් මොරටුව , දෙහිවල-ගල්කිස්ස , කෝට්ටේ ,හෝමාගම , මහරගම , කැස්බැව සහ බොරලැස්ගමුව යන පළාත් පාලන ආයතනවල කසල යොදා ගැනීමට ද කටයුතු යොදා තිබේ.