Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ගෙන්වන කොරෝනා එන්නත තත්ත්ව පරීක්ෂාවට යොමු කරයි




ඉන්දීය රජයේ ප‍්‍රදානයක් ලෙස ශී‍්‍ර ලංකාවට හිමි වීමට නියමිත කොරෝනා මර්දන එන්නතේ සාම්පල මේ වන විට මෙරට තත්ත්ව පරීක්ෂාවන් සදහා යොමු කර තිබෙනවා.

ඇස්ට‍්‍රා සෙනේකා නැමති මෙම එන්නත් සාම්පල ජාතික ඖෂධ නියාමන අධිකාරියට වෙත ලැබී තිබුණේ ඊයේ දිනයේයි.

ඒ අනුව මෙම කොරෝනා මර්දන එන්නතේ සංකූලතා සහ එම එන්නතින් අතුරු ආබාධ ඇති විය හැකිද නැද්ද යන්න මූලික පරීක්ෂණ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදු කෙරෙණු ඇති. අදාල සාම්පල පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති අතර එහි ප‍්‍රගතිය පිළිබදව ඉදිරියේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට නියමිතයි.

සතියක් තුළ මෙම එන්නත් සාම්පල් පරීක්ෂාව සිදු කර අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

එම පරීක්ෂණ වාර්තාවල ප‍්‍රතිඵල අනුව ඇස්ට‍්‍රා සෙනේකා නැමති ඉන්දියාවේ නිෂ්පාදිත මෙම කොරෝනා මර්දන එන්නත ශී‍්‍ර ලංකාවට ගෙන්වීමට නියමිත වී තිබෙනවා. මෙම කොරෝනා මර්දන එන්නත විවිධ රටවලට බෙදාහැරීම සදහා මසකට මිලියන 50ක් නිෂ්පාදනය කිරීමටයි ඉන්දීය රජය සැලසුම් කර අත්තේ.