Monday, May 20, 2024

General line - 0115112241

ග්‍රාම නිලධාරි වසම් 11ක් හුදෙකලා භාවයෙන් මුදා හැරේ




අද සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි මඩකලපුව දිස්ත්‍රික්කයේ අර්සඩි ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ අතර අද සවස 6.00 සිට පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

බණ්ඩාරගම / අටළුගම :

660 ඒ එපිටමුල්ල ග්‍රාම නිලධාරි වසම 
659 බී බමුණුමුල්ල ග්‍රාම නිලධාරි වසම 

මොණරාගල / බඩල්කුඹුර :

අළුපොත ග්‍රාම නිලධාරි වසම 

කාත්තන්කුඩි පොලිස් වසමේ :

165 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරි වසම 03
165 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරි වස0 බටහිර 
165 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරි වසම නැගෙනහිර 
166 කාත්තන්කුඩි ග්‍රාම නිලධාරි වසම 02
166 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරි වසම උතුර 
167 ඒ කාත්තන්කුඩි ග්‍රාම නිලධාරි වසම උතුර 
167 බී කාත්තන්කුඩි ග්‍රාම නිලධාරි වසම නැගෙනහිර 
167 ඩි නව කාත්තන්කුඩි ග්‍රාම නිලධාරි වසම බටහිර