Monday, May 20, 2024

General line - 0115112241

කොළඹ කොටස් වෙළෙදපොළ ඉතිහාසය අලුත් කරයි 




කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට "සියලු කොටස් මිල දර්ශකය" (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වී තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයක දී ගනුදෙනු අතරවාරයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ "සියලු කොටස් මිල දර්ශකය" ඒකක 8,000 සීමාව ඉක්මවා වාර්තා කර තිබුණ ද, දිනයක ගනුදෙනු අවසානයේදී එය ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වූ පළමු අවස්ථාව මෙය වනවා.

මෙහිදී පෙර දිනයට සාපේක්ෂව ඒකක 246.80 ක වර්ධනයක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,131.25 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.13% ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

අද දිනය තුළ රුපියල් බිලියන 14.20ක පිරිවැටුමක් වාර්තා වූ අතර එය මෙම වසරේ තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික පිරිවැටුම වනවා.

මේ අතර අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 197.68ක් වන අතර එහි ගැණුම් මිල රුපියල් 193.16ක් විය.