Sunday, May 19, 2024

General line - 0115112241

සෞඛ්‍ය ආරක්‍ෂිතව අකුරු කරන ගාල්ලේ පාසලකින් ආදර්ශයක් (PHOTOS)




කොරෝනා අවදානම පවතින මෙම සමයේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමද අභියෝගයක් වී තිබෙනවා. එවන් පසුබිමක දැඩි සෞඛ්‍ය රැකවල් මැද දරුවන් වෙනුවෙන් අධ්‍යාපන පහසුකම් සැපයූ ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පාසලක් පිළිබද නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.

දරුවන්ට බියකින් තොරව සිය අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යාමට මෙම පහසුකම සලසා තිබුණේ ගාල්ල, යක්කලමුල්ල මාගෙදර ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන්, මව්පියන්ගේ හා ප්‍රදේශයේ පරිත්‍යාගශීලින්. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඩෙස් බංකු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයකට සකස් කර පාසලේ අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යන බවයි ගාල්ල, යක්කලමුල්ල මාගෙදර ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි මාලා මංගලිකා සේරසිංහ පතිරණ නෙත් නිවුස් වෙත සදහන් කළේ.

අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී පාසල තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ක්‍රමවේද සම්බන්ධයෙන්ද මෙහිදී විස්තර කෙරුණා.