Sunday, May 19, 2024

General line - 0115112241

කාති උසාවි ක්‍රමයට මහා සංඝරත්නයේත් විරෝධය




රට තුළ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් පමණක් බව මහා සංඝරත්නය ද අවධාරණය කරනවා. කාති උසාවි ක්‍රමය මෙරට අධිකරණ පද්ධතියට නොගැලපෙන බවයි මහා සංඝරත්නය සදහන් කළේ. මේ, අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද කරුණු දැක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්.

කාති උසාවි සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී බෙල්ලන්විල රාජමහා විහාරාධිපති පූජ්‍ය, ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ද අදහස් පළ කළා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසුවේ කාති උසාවි පද්ධතිය ක්‍රියාත්මක වන්නේ සහ ඊට අදාළ පත්වීම් සිදුකරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් බවයි.