Thursday, May 16, 2024

General line - 0115112241

අද දිනය පුරා විශේෂ කොරෝනා මර්ධන මෙහෙයුම් රැසක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක




අද දිනය පුරා විශේෂ කොරෝනා මර්ධන මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම ඒ අතරින් ප්‍රධාන බවයි. එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිසි පරිදි නිරෝධායන රීති අනුගමනය කරන්නේ දැයි සොයා බලන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

මේ අතර සෞඛ්‍ය හා නිරෝධායන මෙහෙයුම්වලට අමතරව පරිසර නීතීන්ට පටහැනිව කටයුතු කරන පුද්ගලයින් සොයා කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත තුළ අද සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. අපද්‍රව්‍ය බැහැර කිරීමේදී, කසල බැහැර කිරීමේදී, පරිසර රීතීන්වලට ගරු නොකරන පුද්ගයින් සොයා එම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

බෝතල් සහ පොලිතීන් වැනි දෑ විසිකිරීම, ඒවා මහාමාර්ගයට දැමීම වැනි සිද්ධීන් කොළඹ නගරයේ හා බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් සිදුවෙමින් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

කොළඹ නගරයේ මෙන්ම තදාසන්න ප්‍රදේශවල ද මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.