Sunday, May 19, 2024

General line - 0115112241

අඛණ්ඩව තුන්වන දිනටත් දිස්ත්‍රික්ක 25න් කොවිඩ් ආසාදිතයින් වාර්තා වේ : කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 480ක් 




ඊයේ දිනයේදී වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් 843 දෙනාගෙන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය 19, බම්බලපිටිය 12, නාරාහේන්පිට 29, වැල්ලවත්ත 22, කුරුඳුවත්ත 21, බොරැල්ල 08, දෙමටගොඩ 17, මරදාන 20, පිටකොටුව 11, අළුත්කඩේ 4, කොටහේන 09, ග්‍රෑන්ඩ්පාස් 15, මට්ටක්කුලිය 15, අංගොඩ 02, අතුරුගිරිය 08, අවිස්සාවේල්ල, 16, දැදීගමුව 3, බොරැලැස්ගමුව 01, දෙහිවල 19, ගොතටුව 21, හබරකඩ 01, හංවැල්ල 02, හෝමාගම 04, කහතුඩුව 08, කොහුවල 02, කොලොන්නාව 02, කොස්ගම 02, මොරටුව 18, ගල්කිස්ස 29, මුල්ලේරියාව 12, නවගමුව 07, රණාල 16, පිළියන්දල 12, තලංගම 07, වැල්ලම්පිටිය 29, මිරිහාන 01, කොට්ටාව 06 සහ මහරගම 12ක් ලෙස කොවිඩ් ආසාදීයින් වාර්තා වී ඇත.

ඊට අමතරව ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86ක්,කළුතර දිස්ත්‍රික්කයෙන් 72ක්, මහනුවර 35ක්, ගාල්ල 40ක්, කෑගල්ල 06, රත්නපුර 12, අම්පාර 16, මාතර 17, වව්නියාව 06, නුවරඑළිය 02, හම්බන්තොට 02, කුරුණෑගල 04, අනුරාධපුර 02, මන්නාරම 02, මොණරාගල 04, පොළොන්නරුව 08, මාතලේ 05, ත්‍රිකුණාමලය 13, පුත්තලම 14, බදුල්ල 09, කිලිනොච්චිය 02, මුලතිව් 01, යාපනය 02, මඩකලපුව 01ක් සහ ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණි ලාංකිකයින් දෙදෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරුවී ඇත.

ඊයේ දිනයේදී ද දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවන දිනටත් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති අතර සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 17,523ක් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.