Sunday, May 19, 2024

General line - 0115112241

මුව ආවරණ නොපැළඳි 2,600 කට නඩු




අද උදෑසන 06 න් අවසන් වූ ගතවූ පැය 24 තුලදී මුව ආවරණ නොපැලඳීම සහ පුද්ගල දුසර්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුලදී නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 2,746 ක්. ඉ

න් පුද්ගලයින් 2,600 දෙනෙකුට පමණ මේවනවිටත් නඩු පවරා ඇති බවයි පොලීසිය පැවසුවේ. මුව ආවරණ නොපළඳින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බව ද පොලීසිය සඳහන් කළා.