Sunday, May 19, 2024

General line - 0115112241

නිධන් සොයා කැනීම් කළ 06 දෙනෙකු ගලේවෙලදී අත්අඩංගුවට




නිධන් ලබා ගැනීමේ අරමුණීන් කැනීම් සිදුකළ පුද්ගලයින් 06 දෙනෙකු ගලේවෙල කටාරන්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ දඹුල්ල කඳවුරේ නිලධාරීන් පිරිසක් සහ ගලේවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.

සැකකරුවන් සන්තකයේ තිබී කැනිම් කටයුතු සඳහා යොදා ගන්නා ලද මෙවලම් රැසක් ද පොලිස් භාරයට තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ගලේවෙල, මාතලේ, දුම්මලසූරිය සහ තලවතුගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.