Sunday, May 19, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියාගේ පවුලටම කොවිඩ් ආසාදනය වෙයි 

දඹුල්ල කාංචන කුමාර ආරියදාස




මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරියකුගේ පවුලේ සියලු දෙනාටම කොවිඩ්  වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ හඳුනාගත් බව දඹුල්ල පොලිසිය සඳහන් කර සිටිනවා.

ශ්‍රී දළදා මාලිගාවේ සේවය කළ පොලිස් නිලධාරියාගේ සිදුකරන ලද පිසිආර් පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ පදිංචි එම නිලධාරියාගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ද පිසිආර් පරීක්ෂණ වලට ලක් කොට තිබේ. ඒ අනුව ලැබුණු ප්‍රතිඵලය මත පවුලේ සියලු දෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

පොලිස් නිලධාරියා සහ ඔහුගේ පුතා ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගිය බවත් බිරිඳ සහ දියණියන් දෙදෙනා  පැණිදෙණිය ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමට පියවර ගත් බව දඹුල්ල පොලීසිය පැවසුවේ.

දඹුල්ල, කපුවත්ත හා අවට ප්‍රදේශවල මෙම පවුලේ සාමාජිකයින් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම මේ වන විට සෞඛ්‍ය අංශ මගින් සිදු කරමින් සිටින බවත් දරුවන්ගේ ඇසුරු කළ අයවලුන් සහ ඔවුන් පාසල් ගියේ ද යන්න තොරතුරු සොයමින් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.