Sunday, May 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ 1400 කට PCR පරීක්ෂණ




පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු 1,400කට අධික පිරිසකගේ පී සී ආර් පරීක්ෂණ මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රයෙදී සිදු කර ඇති බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී  වසන්ත යාපා බණ්ඩාර කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු සී සී ටී වී දර්ශන නිරීක්ෂනය මගින් ඔහුගේ සමීපතම ආශ්‍රීතයින් හදුනා ගත් බවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තු සඳහන් කළා.

එමෙන්ම  පාර්ලිමේන්තු මන්ත්‍රී  වසන්ත යාපා බණ්ඩාර  කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයද විෂබීජරණයට ලක් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී  වසන්ත යාපා බණ්ඩාර කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 06ක්. අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි හා වාසුදේව නානායක්කාරටත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර හා පියල් නිශාන්තටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ටත් කොරෝනා වෛරසය ආසාදනය වුණා.

ඒ අතරින් අමාත්‍ය වාසුදේව නානායක්කාර හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේවනවිටත් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පැමිණ තිබෙනවා.