Sunday, May 19, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි




ප්‍රදේශ කිහිපයන අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 02න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර අද උදෑසන කාලයේ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පැවති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.