Sunday, May 19, 2024

General line - 0115112241

සෞඛ්‍ය නීති කඩකල තවත් ආයතන 88කට නඩු




සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් බස්නාහිර පළාතේ පවත්වාගෙන ගිය රාජ්‍ය හා පෞද්ගලික ආයතන 88 ක් ඊයේ දිනයේදී හදුනාගත් බව පොලීසිය පවසනවා. එම ආයතනවලට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක තවත් මෙහෙයුම් කිහිපයක් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අදහස් පළ කළා.

මේ අතර මෙරටින් ඊයේ දිනයේ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පානදුර ප්‍රදේශයෙන් වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 37 ක්. එම ආසාදිත සංඛ්‍යාවත් සමග කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 102 ක් වනවා.

කෙසේවෙතත් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිස වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 227 ක් වන අතර වැඩිම පිරිස ලෙස 21 දෙනෙකු වාර්තා වූයේ කොළඹ කොටුව ප්‍රදේශයෙන්. 

කොල්ලුපිටිය ප්‍රදේශයෙන් 14 දෙනෙකු, මරදාන ප්‍රදේශයෙන් 13 දෙනෙකු, ගල්කිස්ස ප්‍රදේශයෙන් 12 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව පිටකොටුව ප්‍රදේශයෙන් 11 දෙනෙකු මෙන්ම බම්බලපිටිය, දෙමටගොඩ හා මුල්ලේරියාව ප්‍රදේශවලින් 9 දෙනා බැගින් ආසාදිතයින් ඊයේ දිනයේ වාර්තා වුණා.  

කෙසේවෙතත් ඊයේ දිනයේ මන්නාරම, මොණරාගල, ත්‍රිකුණාමලය, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු වුණු පුද්ගලයින් එහි වාර්තා ලැබෙන තෙක් නිවෙස් නිරෝධායනයේ නිරත විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.  මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ.