Sunday, May 19, 2024

General line - 0115112241

ජනතාවට ජීවත්වීමේ අයිතිය අහිමිවෙමින් ඇති බවට විපක්ෂයෙන් චෝදනා




මෙරට ජනතාවට ජීවත්වීමේ අයිතිය අහිමිවෙමින් ඇති බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්‍ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සමගි ජනබලවේගය සමග එක්වන ලෙසයි.

මේ අතර බදුල්ලේ පැවති ජනහමුවකදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවයි.

වතුකම්කරුවගේ වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ තීරණය කිසිදු අයුරකින් වෙනස් නොකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රුපියල් දහස දක්වා වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීමට අදාළ පියවර ගැනීම සදහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි.