Saturday, May 18, 2024

General line - 0115112241

මියනමාරයේ හමුදා කුමන්ත්‍රණය ගැන ලෝකයම දැඩි අවධානයෙන්




මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ලොව පුරා රටවල් රැසක් මේ වනවිට සිය දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ අතරට අමෙරිකාව, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය සහ ඕස්ට්‍රේලියාවද අයත්. අමෙරිකාව අවධාරණය කරන්නේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය දැඩි ලෙස හෙලා දකින බවයි. 

ඉකුත්දා පැවති මැතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට දරන ඕනෑම උත්සාහයකට විරුද්ධ බවයි ඇමෙරිකාව පවසන්නේ. හමුදා කුමන්ත්‍රණය හෙලා දකින බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, ජනතාවගේ ඡන්දයට ගරු කර සිවිල් නායකයින් නිදහස් කළ යුතු බව අවධාරනය කර තිබෙනවා. 

මේ අතරතුර සිදුවූ හමුදා කුමන්ත්‍රණය කිසි ලෙසකින් හෝ පිළිනොගන්නා ලෙස එරට පාලක පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ නායිකා අවුන් සාන් සුචී මියන්මාර ජනතාවගෙන් ඉල්ලා සිටියේ විශේෂ ලිපියක් නිකුත් කරමින්. 

අවුන් සාන් සුචී ඇතුලු ඇයගේ පක්ෂයේ ජේ්‍යෂ්ඨ නායකයින් පිරිසක් හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසුව මියන්මාරයේ පාලනය තමන් යටතට ගත් බව එරට හමුදාව ප්‍රකාශ කළා. කෙසේවෙතත් මේ දක්වා කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවන අතර ප්‍රධාන නගරවල හමුදාව සීරුවෙන් තබා තිබෙනවා. සංන්නිවේදන සබඳතා බිද වැටි ඇති අතර බොහෝ ප්‍රදේශීය නාලිකාද ක්‍රියා විරහිත බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.