Friday, May 3, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩකයින් 35 ක් ස්වයං නිරෝධායනයට




බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩකයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ, ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ මුල්පෙළ පිතිකරු ලහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගයි.

ලහිරු තිරිමාන්න ඉකුත්දා සදීර සමරවික්‍රමගේ විවාහ මංගල උත්සවයටද සහභාගි වී ඇති අතර ඊට එක් වූ සියළු දෙනාද මේ වනවිට ස්වයං නිරෝධානයට යොමුකර තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ අද සහ හෙට පැවැත්වීමට නියමිතව තිබු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයද කල් දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

එම තත්ත්වය මත එළඹෙන කොදෙව් තරග සංචාරය සැලසුම් කළ පරිදි පැවැත්වීමට හැකියාවක් නොමැති බව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියා. ඒ අනුව මෙම තරගාවලිය කල් දැමීමට සිදුවනු ඇති බවයි ඔහු සදහන් කළේ. 

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ සදහන් කළේ ඉදිරියේදී පත් කෙරෙන නව ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයින්ගේ ශාරිරික යෝග්‍යතා පිළිබද ඍජුව වගකිව යුතු බවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. පෙබරවාරි මස 24 වනදා ඒ සදහා නාමයෝජනා භාරගැනීම අවසන් වනවා.