Friday, May 3, 2024

General line - 0115112241

ෆිට්නස් ෆේල් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවකට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය




ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වන කොන්ත්‍රාත්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ශාරිරික යෝග්‍යතාව නිසි ලෙස පවත්වා ගැනීම ක්‍රීඩකයින්ගේ වගකීමක් බවයි ක්‍රිකට් බලධරීන් සදහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කොන්ත්‍රාත් ගත සියලූ ක්‍රිකට් ක්‍රීඩකයින් දැනුවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් ඉකුත්දා පියවර ගත්තා.  ඒ අනුව කොන්ත්‍රාත් ගත ක්‍රිකට් ක්‍රීඩකයෙකු පළමු ශාරිරික යෝග්‍යතාවෙන් අසමත් වුවහොත් ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් සියයට 50ක් සහ දෙවන ශාරිරික යෝග්‍යතා පරීක්ණය අසමත් වුවහොත් වාර්ෂික කොන්ත්‍රාත්වෙන් සියයට 75ක් අඩු කිරීම සදහා යෝජනා වී ඇති බවයි ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

එමෙන්ම පිට පිට තුන්වන අවස්ථාවේදී ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වන ක්‍රීඩකයින් වාර්ෂික කොන්ත්‍රාන්තුවෙන් ඉවත් කිරීමටද පියවර ගැනෙනු ඇති. ක්‍රීඩකයින් දිගින් දිගටම ආබාධවලට ලක්වන ආකාරයක් ඉකුත් තරගවාර කිහිපයේදී දක්නට ලැබුණා. එම තත්වයන් මගහරවා ගැනීමටයි මෙවැනි පියවරක් සදහා යොමුවීමට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වුණේ.

මෙම ක්‍රමවේදයත් සමග ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ශාරිරික යෝග්‍යතාව නිසි අයුරින් පවත්වා ගැනීමට පෙරට වඩා වැඩි අවධානයක් යොමු කරනු ඇති බවද ක්‍රිකට් බලධාරින් සදහන් කළා.