Saturday, May 4, 2024

General line - 0115112241

යස්මින් සුකාට එරෙහිව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා නීතිමය ක්‍රියා මාර්ග ගනියි




රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින්, ජාත්‍යන්තරයේ ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන යස්මින් සූකාට සහ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, සිය නීතීඥ ලක්ෂිකා බක්මීවැව හරහා ගොනු කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ තමන් සම්බන්ධයෙන් යස්මින් සූකා සහ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය, පදනම් විරහිත හා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවයි. 

ගෝලීය ආරක්ෂාව සහ බුද්ධි අංශ යන ක්ෂේත්‍රයන්හි පිළිගැනීමක් ඇති තමන්ගේ චරිතයට හා කීර්තියට එමගින් හානි පමුණුවා ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් වනවා. 

අදාළ පැමිණිල්ල මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යස්මින් සූකා සහ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය විසින් ද්වේෂ සහගතව සිදුකර ඇති ප්‍රකාශ ඔස්සේ ඛඔඔෑ සංවිධානයට සහය දක්වන සංවිධාන, මේජර් ජෙනරාල් සුරේෂ් සලේට ජීවිත තර්ජන ද එල්ල කර ඇති බවයි. යස්මින් සූකාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ යුරෝපා සංගමයට ද මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, මීට පෙර පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතියට අයත් වෙබ් අඩවියේ පළවූ එක් වාර්තාවක සිය පින්තූරය ව්‍යාජ ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් යස්මින් සූකාට සහ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතියට මීට පෙර මෙරට විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයෙකු ගෙන් සමාව අයැදීමට ද සිදුවුණා.