Saturday, May 4, 2024

General line - 0115112241

පිට පිට දෙවන දිනටත් මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 950 ඉක්මවයි




දිනක් තුල මෙරටින් වාර්තා වූ දෙවන වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටිනවා.

අද දිනයේ දී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 963ක් වන අතර ඉන් 940 දෙනෙක්ම පෑලියගොඩ පොකුරට සම්බන්ධ ආසාදිතයින් වනවා. 

ඊට අමතරව බන්ධනාගාර කොරෝනා පොකුරෙන් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව අද දිනය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 72,174ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 65,644ක් වනවා. 

ඒ අනුව දැනට රෝහල් ගතකර ඇති ආසාදිතයින් සංඛ්‍යාව 6,155ක්.

මේ අතර අද දිනයේදී ද කකොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 375ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කර සිටියේ.