Friday, May 3, 2024

General line - 0115112241

පාපන්දු ක්‍රීඩාව ප්‍රචලිත කරන්න ක්‍රීඩා ඇමතිගෙන් නව සැලැස්මක්




පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා හෙට සිට “ෆුට්බෝල් ත්‍ඍෂෘ්ශ” නමින් වැඩසටහනක් ආරම්භ කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ජනතාව ව්‍යායාම් සඳහා යොමු කිරීමේ අරමුණින් ලබන 20 වනදා සිට තවත් වැඩසටහනක් ආරම්භ කරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ.  

මේ අතර සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අංග සම්පූර්ණ ක්‍රීඩා පිටිය බැගින්, ක්‍රීඩා පිටි 342 ක් සංවර්ධනය කිරීමේ කටයුතු ලබන මාර්තු මස 02 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එක් ක්‍රීඩා පිටියක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 15 ක මුදලක් වැය කෙරෙන බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ.