Saturday, May 4, 2024

General line - 0115112241

නකල්ස් රක්ෂිතය මැදින් කැපෙන පාරක් ගැන බැලුම්ගලට තොරතුරු




ලෝක උරුමයක් ලෙස නම් කර ඇති නකල්ස් රක්ෂිතය මැදින් නව මාර්ගයක් කැපීම සදහා යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බවට නෙත් එෆ් එම් බැලුම්ගල වෙත තොරතුරු වාර්තා වනවා. මී මුරේ සිට දන්දෙණිකුඹුර කිවුලේවාඩිය හරහා නකල්ස් රක්ෂිතය මැදින් ලග්ගල දක්වා කිලෝමීටර් 8 ක පමණ නව මාර්ගයක් කැපීමට සූදානම් වන බවටයි මෙහිදී වැඩිදුරටත් අනාවරණ වුණේ. මේ ඒ සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල වෙත කරුණු අනාවරණ කළ පරිසරවේදී ගාමිණී ජයතිස්ස.

මෙවැනි පරිසර පද්ධතියක වටිනාකම නොදන්නා, සංචාරක කර්මාන්තයට සම්බන්ධ පිරිසකගේ පටු අරමුණක් වෙනුවෙන් මෙම මාර්ගය ඉදිරිකිරීමට යෝජනා වී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

නෙත් එෆ් එම් බැලුම්ගල සහ නෙත් නිවුස් මීට පෙරද මෙරට සිදුවන වන විනාශයන් පිළිබද තොරතුරු රැසක් රට හමුවේ අනාවරණ කළා. මෙවැනි වන විනාශයන් පිළිබද තොරතුරු ඇත්නම් ඒ පිළිබදව නෙත් එෆ් එම් බැලුම්ගල හෝ නෙත් නිවුස් වෙත ඔබටද තොරතුරු ලබාදිය හැකියි.