Friday, May 3, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය යළි අගුලු දැමේ




ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ප්‍රමුඛ වික්ටෝරියා ප්‍රාන්තය යළි අගුලු දමා තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේදය පැතිර යාමේ අවදානමක් හේතුවෙන්. එම නව වෛරස් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් 13 දෙනෙකු මෙල්බර්න් නුවර හෝටලයකින් හඳුනාගැනීමත් සමග ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලබන බදාදා වන තෙක් දින 05 ක කාලයක් වික්ටෝරියා ප්‍රාන්තය අගුලු දැමීමට ලක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලබන 21 වනදා දක්වා මෙල්බර්න් නුවර පැවැත්වෙන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවසර හිමි වුව ද, ප්‍රේක්ෂකයින්ට ඊට සහභාගී වීම තහනම් කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ එම තරඟාවලිය නැරඹීම සඳහා ටිකට්පත් මිලදී ගෙන ඇති 30,000 ක පමණ ප්‍රේක්ෂකයින්ට, අදාළ ටිකට්පත්වල මුදල් යළි ගෙවීමටයි තීරණය කර ඇත්තේ.