Saturday, May 4, 2024

General line - 0115112241

40 වසරකට පෞද්ගලීකරණය කළ පේෂකර්ම ආයතන සේවකයින්ට මාසික දීමනාවක් ලබාදීම අගමැති ගේ ප්‍රධානත්වයෙන් අරඹයි




වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් 3,332 දෙනෙකු සඳහා මාසික දීමනාවක් ලබා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණා. ඒ, අරලියගහ මන්දිරයේ දීයි.

1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10 කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මාසික දීමනාවක් ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ. එම මාසික දීමනාව ලබාදීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් සේවකයන් කිහිපදෙනකු උදෙසා චෙක්පත් ප්‍රදානය කිරීම එහිදී සිදු වුණා.

2020 ජූලි 15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව මෙම මාසික දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 95ක් මහා භාණ්ඩාගාරයෙන් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවට නිදහස් කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යයාලය සඳහන් කළේ.