Saturday, May 4, 2024

General line - 0115112241

මියන්මාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තහවුරු කර ගත් යෝජනාව




මියන්මාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යෝජනාවක් සම්මත කර තිබෙනවා. ඒ හමුදා අත්අඩංගුවට ගෙන සිටින මියන්මාරයේ සිවිල් නායිකා අවුන් සාන් සුකී නිදහස් කරන ලෙස ඉල්ලමින්.

අවුන් සාන් සුකී සමගින් අත්අඩංගුවට ගැනුනු අනෙකුත් දේශපාලන නායකයින් නිදහස් කරන ලෙසත්, පවතින තත්ත්වය පිලිබද සමාලෝචනය කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසකට මියන්මාරයට ඇතුලු වීමට අවස්තාව සලසා ගැනීමත්, අදාල යෝජනාව සම්මත කර ගැනීමෙන් අපේක්ශිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් 47 අදාල යෝජනාව සදහා පක්ශව කටයුතු කිරීම විශේෂත්වයක්. කෙසේවෙතත් අදාල යෝජනාව පිලිගත නොහැකි බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරන මියන්මාරයේ නියෝජිතවරයා එම කවුන්සිලයට දැනුම් දී ඇත්තේ.

මියන්මාරයේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශකයෙකු මීට පෙර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කලා. ඒ, අවි ආයුධ හා සංචාරක කටයුතු යන ක්ෂේත්‍ර අලලා මියන්මාරයට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසයි. ඉන් අනතුරුවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මෙලෙස මියන්මාරය සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගත්තේ.

ඉකුත් දා සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව පෙල ගැසී සිටින මියන්මාරයේ සිවිල් වැසියන් මර්දනය කිරිම සදහා වෙඩි තැබීම් සිදු කරන බවට මියන්මාර හමුදාවට එරෙහිව මේවනවිට සාක්ෂි සහිතව චෝදනා ඉදිරිපත් වනවා.
ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ වැඩි අවදානයක් යොමුව තිබීම ද විශේෂත්වයක්.