Sunday, May 12, 2024

General line - 0115112241

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 796ක් සහ මරණ 06ක් මෙරටින් වාර්තා වෙයි




ඊයේ දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 796 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ තවත් ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ රාත්‍රීයේ අලුතින් හඳුනාගත් බවයි. ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 74,852ක් දක්වා ඉහළගොස් තිබෙනවා. 

මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් මරණ 06ක් ද වාර්තා වී ඇති බවයි‘ සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 390ක්. මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම, හබරාදූව, නිට්ටඹුව, මීගමුව, මහනුවර සහ නාරංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.