Monday, May 13, 2024

General line - 0115112241

පොලිසියේ 17,000ක් විශේෂ මෙහෙයුමක - 3800ක් අත්අඩංගුවට




සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සහයකයෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් අජීම් නැමැත්තෙකු කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඔහු සමග තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවයි.

මේ අතර දිවයිනම ආවරණය වන පරිදි ඊයේ දිනයේ විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකෙරුණු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එහිදී අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 3,880ක්.

පොලිස් ස්ථාන 494ක නිලධාරීන් 16,894ක් මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වී සිටි අතර පොලිස් නිල සුනඛයින් 60ක් ද මෙම මෙහෙයුම් සඳහා සම්බන්ධ කරගෙන තිබූ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.