Saturday, May 11, 2024

General line - 0115112241

පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පිඨයේ සිසුන් 08 කට කොරෝනා 

හේරත් ඒකනායක - මහනුවර




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සිසුන් 08 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බවට හදුනා ගත් බවත් ඔවුන්ගෙන් 07 ක් මහනුවර පොල්ගොල්ල හා එක් අයකු තෙල්දෙනිය කොරෝනා මධ්‍යස්ථාන වලට යොමු කර සිටින බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි පි එමි එචි සමරක්කොඩි ප්‍රකාශ කර සිටිනවා.

දින කිහිපයට පෙර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සිසුවකුට උණ තිබිම නිසා ඔහු පරික්ෂාවට ලක් කිරිමෙන් පසුව කොරෝනා ආසාදියකු බවට හදුනා ගත් බැවින් ඔහු සමග සිටි සිසුන් 48  දෙනෙකු පිලිබදව ඊයේ පරික්ෂා කිරිමි සිදු කල බවත් එයින් 07 ක් ආසාදියන් බවට හදුනා ගත බවයි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ස්නාදහන් කළේ.

PCR පරික්ෂාවට ලක් කල ඉතිරි සිසුන් පිරිස විශ්ව විද්‍යාලයේම ඒ සදහාම වෙන් වු ස්ථානයක නිරෝදායනයට යොමු කර ඇති බව ද වෛද්‍ය සමරක්කොඩි ප්‍රකාශ කර සිටියා.

මිට අමතරව තවත් සිසුන් 250 ක් පමණ විශ්ව විද්‍යාල ඉංජිනේරු පිඨයේ අක්බාර් සිසු නේවාසිකාගාරයේ ආරක්ෂිතව රදවා සිටින බවත් එම පිරිස් සදහා ද ඉදිරියේ දි පරික්ෂන සිදු කිරිමට කටයුතු කරන බව ද ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කලා

මේ පිලිබදව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක ගෙන් විමසා සිටිමෙි දි ඔහු සදහන් කලේ මෙි ඇති වු තත්ත්වය පිලිබදව විද්‍යානුකුලව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් විශ්ව විද්‍යාලය වසා දැමිමිට හෝ වෙනත් කිසියමි පියවරක් ගැනිමට මෙතෙක් තිරණයක් ගෙන නොමැති බවත් ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කර සිටියා.