Monday, May 13, 2024

General line - 0115112241

රට යළි වසයිද - සෞඛ්‍ය බළධාරීන් විශේෂ අධ්‍යයනයක




බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා නව ප්‍රභේදය මෙරට තුළද ව්‍යාප්ත වීමේ තත්ත්වය සලකා රට යළි වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. කෙසේවෙතත් අමාත්‍යංශය ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පවසන්නේ පවතින තත්ත්වය යටතේ රට වසා දමන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බවයි. ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොරෝනා නව ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බවද ඔහු කියා සිටියා.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමාදස මහතා ප්‍රකාශ කළේ කොරෝනා මර්ධන එන්නත සම්බන්ධයෙන්ද ආණ්ඩුවට කිසිදු සැලසුමක් නොතිබුණු බවයි.

කෙසේවෙතත් විපක්ෂ නායකවරයාගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසුවේ සැලසුම් සහගතව මෙරට එන්නත්කරන වැඩසටහන සිදු කළ බවයි.

බ්‍රිතාන්‍යය නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට ප්‍රදේශ 04කින් ඉකු්ත්දා හදුනා ගැණුනා. ඒ, කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින්. 

නෙත් නිවුස් අද උදෑසන 06යි 25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට අදහස් දක්වමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ බ්‍රිතාන්‍යය නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිරයාම පාලනය සඳහා ජනතා සහය අත්‍යාවශ්‍ය වන බවයි.