Monday, May 13, 2024

General line - 0115112241

ජනපතිගේ වැඩ ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිනකට පැය 15ක් පමණ වැඩ කරන නායකයෙකු බවත් තමා නම් එතරම් වැඩ නොකරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. එබැවින් ජනාධිපතිවරයා සිදු කරන කාර්යභාරයෙන් නිසි ප්‍රයෝජන ගැනීම සැමගේ වගකීම බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ආණ්ඩුවක් පිහිටුවා ඒ ආණ්ඩුවෙන් හැකි තරම් ප්‍රයෝජන ගැනීම ජනතාව සතු වගකීමක් බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. 

රුපියල් කෝටි 14ක වියදමෙන් මහල් හතරකින් යුතුව ඉදිකළ බේරුවල ප්‍රාදේශීය සභා බහු කාර්ය ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.