Monday, May 13, 2024

General line - 0115112241

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75,000 ඉක්මවයි




මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75,600 ඉක්මවා තිබුණද තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 6,561 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ දිනයේ කොරෝනා මරණ 07ක් වාර්තා වුවද එම මරණ දින 03ක් තුළ සිදු වූ ඒවා බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.

මේ අතර කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකුට සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ කේෂ්ත්‍ර අධ්‍යන කටයුත්තක් සඳහා සහභාගී කරවීමට සුදානම්ව සිටි පිරිසක්. ඔවුන්ට ඉකුත් පෙබරවාරි මස 04 වෙනිදා සිදුකළ ඡක්‍ඍ පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබූ සිසුන් 05 දෙනෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයින් බවයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ.