Friday, May 10, 2024

General line - 0115112241

මියන්මාර විරෝධතාකරුවන්ට වසර 20ක සිරදඬුවමක්




මියන්මාරයේ විරෝධතාවල නිරතවන පුද්ගලයින්ට එරෙහිව එරට හමුදා පාලනය අද අනතුරු ඇගවීමක් නිකුත් කළා. ඒ, හමුදා සමාජිකයින්ට බාධා කළහොත් වසර 20ක සිරදඬුවම් ලබා දෙන බවට නියෝග කරමින්. මියන්මාර හමුදා පාලකයින් මේ බව ප්‍රකාශ කළේ දිනෙන් දින විරෝධතා උත්සන්න වෙමින් ඇති පසුබිමකයි. හමුදා නායකයින් එරෙහිව වෛරය හෝ අවඥාව ඇති කරන ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයින්ට එරෙහිවද සිරදඬුවම් සහ දඬමුදල් නියම කරන බවටයි හමුදා නායකයින් නියෝග කර ඇත්තේ.

මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු එරට හමුදාව සන්නද්ධ රථ සහ අවි ආයුධ සහිතව වැඩි වශයෙන් මියන්මාරයේ මාර්ගවල ගමන් කරමින් සිටින අයුරු දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඉකුත් පෙබරවාරී 01වනදා සිදු වූ මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දස දහස් සංඛ්‍යාත පිරිසක් විරෝධතාවල නිරත වනවා.