Sunday, May 12, 2024

General line - 0115112241

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් : මීගමුවෙන් ආසාදිතයින් 41ක්, ග්‍රෑන්ඩ්පාස් 25ක්




ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 774 දෙනා ගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 208ක්.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවූ ආසාදිතයින් 41ක් දෙනා වාර්තා වී ඇත්තේ මිගමුව ප්‍රදේශයෙන් වනවා. ඊට අමතරව කඩවත ප්‍රදේශයෙන් ආසාදිතයින් 26ක්, ගණේමුල්ල සහ වත්තල ප්‍රදේශයෙන් ආසාදිතයින් 11 බැගින් වාර්තා වී ඇත.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 179 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන්. ඒ ආසාදිතයින් 25ක් ලෙසයි. ඊට අමතරව නාරාහේන්පිට සහ කොම්පඤ්ඤවිදිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 13 දෙනා බැගින් ද බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක් වාර්තා වී ඇත.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63ක්, මහනුවර 66ක්, කුරුණෑගල 45ක්, ගාල්ල 13ක්, රත්නපුර 82ක්, අම්පාර 14ක්, මාතර 05ක්, කෑගල්ල 10ක්, බදුල්ල 29ක්, පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 07 දෙනා බැගින්, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 04 දෙනා බැගින්, මඩකලපුව 05, හම්බන්තොට 10ක්, පොලොන්නරුව 04,  ත්‍රිකුණාමලය 03, යාපනය 01, මන්නාරම 05ක්, මොණරාගල 09ක් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා.

අද දින විට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 774 දෙනෙකු වාර්තා වී ඇති අතර අද වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් 76,428ක්. රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් ගණන 6,620ක් වනවා.

මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 403ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර හුදෙකලා කොට තිබු කළුතර දිස්ත්‍රික්කයේ වේයන්ගොල්ල නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.