Monday, May 13, 2024

General line - 0115112241

PCR වාර්තා නිකුත් කිරීම කඩිනම් කරන්නැයි ඉල්ලීමක්




PCR පරීක්ෂණ වාර්තා නිකුත්වීම ප්‍රමාද වීමෙන් කොවිඩ් මර්ධන මෙහෙයුම් වලට බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ නිවැරදි දත්ත ප්‍රමාද වීම හේතුවෙන් බිම් මට්ටමේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීම හා ඒ වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පවා අපහසු වී ඇති බවයි.

මෙරටින් දැනට හඳුනාගෙන ඇති බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මෙන් තවත් විකෘති ප්‍රභේදයන් ශ්‍රී ලංකාව තුල පැතිර යමින් ඇතිදැයි කඩිනමින් සොයා බැලිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ද ඇතිදැයි සොයා ගැනීම අතිශය වැදගත් බවයි.

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයෙන් පළමු වරට වාර්තා වූ ඊ 117 යන සංකේත නාමයෙන් හඳුන්වනු ලබන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය, පෙර වාර්තා වුවාට වඩා භයානක වෛරස් ප්‍රභේදයක් බවට එරට විද්‍යාඥයින් විසින් දැනටමත් මත පල කර අවසන්.