Thursday, May 16, 2024

General line - 0115112241

කෝටි දහයක් වටිනා මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු නුගේගොඩින් අල්ලයි




රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 05 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ක් සන්තකව සිටි සැකකරුවෙකු නුගේගොඩ, ගම්සභා හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
ඒ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින්.

අදාළ සැකකරු නවාතැන්පළක කළමනාකාරවරයෙකු බවයි පොලීසිය පැවසුවේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.