Friday, May 3, 2024

General line - 0115112241

බස්නාහිර 57,000 කට අද කොරෝනා මර්ධන එන්නත




බස්නාහිර පළාතේ හදුනාගත් ග්‍රාම නිලධාරී කොට්ඨාසවල තවත් පුද්ගලයින් 57,000 කට කොරෝනා මර්ධන එන්නත ලබාදීම අද සිදු කෙරෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව බස්නාහිර පළාතේ සිටින අවුරුදු 30 ත් අවුරුදු 60 ත් අතර පුද්ගලයින් 57,000 කට අද දිනයේදී එලෙස කොරෝනා මර්ධන එන්න ලබාදෙන බවයි වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ.

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා - සෙනිකා එන්නත ඊයේ දිනයේදී මෙරට පුද්ගලයන් 3, 589 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටදී එම එන්නත ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක්ලක්ෂ 96,000 කට අධික බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.