Friday, May 17, 2024

General line - 0115112241

පාස්කු කොමිසමේ වාර්තා අධ්‍යනය කිරීමට ජනපතිගෙන් කමිටුවක් 




පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශණය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ සහ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

අමාත්‍ය චමල් රාජපක්ෂ එම කමිටුවේ සභාපතිධූරය දරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.

ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් කමිටුවට යොමු කරනු ලබනවා.

කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධූරයට ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් (නීති) හරිගුප්තා රෝහණධීර පත් කර ඇත. කමිටු වාර්තාව 2021 මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත.