Friday, May 17, 2024

General line - 0115112241

ලේ බැංකුවේ ලේ සංචිත අඩුවෙයි




ජාතික රුධිර පාරවිලයන සේවය සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ලේ දන්දීමේ වැඩසටහන් ඇණහිටීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පැවසුවේ. කිසියම් අයෙකුට කලින් දිනයක් හා දිනයක් වෙන් කරගෙන දිවයින පුරා පිහිටි රුධිර මධ්‍යස්ථානවලදී සෞඛ්‍යාරක්ෂිතව රුධිරය පරිත්‍යාග කළ හැකි බව ද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

ජාතික රුධිර පාරවිලයන සේවය සතු රුධිර සංචිත සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.