Thursday, May 9, 2024

General line - 0115112241

කොදෙව් සංචාරයට ඔන්න මෙන්න තියා වාස් ගෙන් ක්‍රිකට් ආයතනයට ලිපියක්




එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා වේග පන්දු පුහුණුකරු ලෙස නම් කළ චමින්ද වාස් අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් ලබා දී තිබෙනවා.

ඒ සිය ගෙවීම් සම්බන්ධයෙන් විමසීමක් සිදුකරමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ දී  බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා පිටත්ව යෑමට නියමිතව තිබියදී වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන චමින්ද වාස් මෙලෙස සිය ගෙවීම් සහ දිමනා සම්බන්ධයෙන් ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ චමින්ද වාස් වේග පන්දු පුහුණුකාර තනතුර සඳහා පත් කිරිමට අදාලව ඔහුගේ ගාස්තු සහ දීමනා සම්බන්ධයෙන් සාකච්ජා කොට තීරණය කර තිබියදී ඔහු අද දිනයේ පෙර එකඟ වූ ගාස්තු වලට වඩා වැඩි ගාස්තු ඉල්ලා ලිපියක් භාරදී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් ස්පොර්ට්ස්මන් වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්ගෙන් ද විමසීමක් සිදුකළ අතර එහිදී ඔහු සඳහන් කලේ සිය තනතුරට අදාළ ගෙවීම් සහ දීමන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් භාරදුන් බවත් ඒ සඳහා ප්‍රතිචාර ලැබෙන තෙක් තමන් බලා සිටින බවයි.

යම් හෙයකින් චමින්ද වාස් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට එක් නොවුනහොත් තේරීම් කමිටු සාමාජික ප්‍රමෝදය වික්‍රමසිංහ තාවකාලිකව එම තනතුරේ කටයුතු කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.