Saturday, May 18, 2024

General line - 0115112241

යුද හමුදා බස් රථයක් දුම්රියක ගැටෙයි (PHOTOS)




කැලණිය සහ වනවාසල අතර තෙලගපාත ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැනිකේ සීඝ්‍රගාමි දුම්රියේ යුද හමුදා බස් රථයක් ගැටීමෙන් අද උදෑසන අනතුරක් තිබෙනවා.

හේකිත්ත ප්‍රදේශයේ සිට පනාගොඩ යුද හමුදා පාලන කඳවුර වෙත මෙම යුද හමුදා බස් රථය ධාවනය වෙමින් තිබී ඇති අතර එම අවස්ථාවේදී එහි හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර නිලන්ත ප්‍රේමරත්න ප්‍රකාශ කළේ.

අනතුරෙන් යුද හමුදා සාමාජිකයින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර බස් රථයට හානි සිදුවී තිබෙනවා.

මේ අතර දිනක් තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 12 ක් සිදුව ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රියදුරන්ගේ සහ පදිකයින්ගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් මෙලෙස අනතුරු ඉහළ ගොස් ඇති බවයි.